22 November 2024


මහ මැතිවරණය නිරීක්ෂණයට දෙස් විදෙස් නිරීක්ෂකයන් 10,000ක්



මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් - විදෙස් නිරීක්ෂකයන් 10,000කට අධික පිරිසක් එක්වී සිටිනවා.

ඒ අතරට එක්ව සිටින විදෙස් නිරීක්ෂකයන් සංඛ්‍යාව 43ක්.

යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් 03 දෙනෙක් සහ අන්ෆෙල් සංවිධානයේ 30 දෙනෙක්ද ඒ අතර වනවා.

එමෙන්ම අසල්වැසි රටවලින් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 10ක්.

මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සංවිධාන 10ක් නියෝජනය කරමින් දේශීය නිරීක්ෂකයන් දස දහසක් පමණ එක්වී සිටිනවා.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 5000ක්.

ජංගම නිරීක්ෂණ ක්‍රියාවලියට සංවිධානය 8කට අවසර හිමිවී තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)