colombotimes.lk
සිංහල | English

28 April 2024

අලුතින් බදු ගෙවන්නන් ලෙස ලක්ෂකට වැඩි පිරිසක් ලියාපදිංචි වෙයි



මෙම වසරේ අලුතින් බදු ගෙවන්නන් එක්ලක්ෂ 98,253ක් ලියාපදිංචි වී තිබෙනවා.

ඒ බව අනාවරණය වී ඇත්තේ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව මේ වන විට සිටින වයස අවු 18ට වැඩි බදු ගෙවන්නන් සංඛ්‍යාව මිලියන 16ක් බව සඳහන්.

එකතු කළ අගය මත බදු ගෙවීමට සමාගම් 13,000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවේ අනාවරණය වී තිබෙනවා.

ඉන් විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බැවින් බදු අය කිරීම ක්‍රමවත් කිරීමට රැමිස් ආදායම් කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමට මීට පෙර තීරණය කළා.

එහෙත් අදාළ පද්ධතියේ තව දුරටත් ගැටලු පවතින බව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී කියා සිටියා.

පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, 2014 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුල මෙරට බදු අදායම 65%කින් ඉහළ ගොස් ඇති බවයි.
(colombotimes.lk)