colombotimes.lk
සිංහල | English

05 May 2024

ටැන්සානියාවේ ගංවතුර තත්වයෙන් පුද්ගලයන් 155 ජීවිතක්ෂයට



ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී තිබෙනවා.

මෙම ගං වතුර තත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා ඇති අතර කෙන්යාවේද පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)