colombotimes.lk
සිංහල | English

08 May 2024

තවත් නැවකට හවුති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්



හවුති කැරලිකරුවන් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් බොරතෙල් නැවකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනයේ වෙරළට ඔබ්බෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

පැනමා ධජය සහිත නෞකාවට දෙවරක් ප්‍රහාර එල්ල කර ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය වාර්තා කළා.

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)