11 July 2025

logo

ශ්‍රී ලාංකිකයන් 1154කට ඊශ්‍රායලයේ රැකියා වරම්



2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 1154දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුවයි.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ  22දෙදෙනෙක් ඊයේ (18) ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 32දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

(colombotimes.lk)