30 January 2025


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහායි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා සහ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන WhatsApp අංකයට යොමු කිරීමට හැකියාව පවතිනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වන විටත් සලසා ඇති බවයි.

(colombotimes.lk)