කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයන් පිරිසක් පෙරේදා (27) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරියෙක්ගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරු හා නාවික හමුදා වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවයි.
මේ අතර ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැලැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)