30 January 2025


හිටපු අමාත්‍ය රවීට එරෙහි නඩුවක් කල්යයි



අල්ලස් කොමිසම විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් මැයි 28වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව යළි මැයි 28වනදා කැඳවීමටයි.

(colombotimes.lk)