යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද (29) යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.
අනුරාධපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)