මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව හෙට (27) පස්වරු 07.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිත බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)
