17 June 2026

logo

A9 මාර්ගයේ මාරක අනතුරක් - පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට



නොරච්චෝලෙයි ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ධීවරයන් පිරිසක් ගමන් ගත් ලොරි රථයක් මාර්ගයේ නවතා තිබියදී පසුපසින් පැමිණි පොහොර පැටවූ ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටී ධීවරයන් සිටි ලොරි රථය මතට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව,ගල්කන්දේගම ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙක් බරපතළ  තුවාල ලබා තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ නොරොච්චෝලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් සහ 43ක් වන පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

එමෙන්ම තවත් ධීවරයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. 

(colobotimes.lk)