එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ලබන 13 හා 14 යන දිනයන්හි දිවයිනේ සියලුම පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙසේ නිවාඩු ලබාදීමට කටයුතු කර තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදාගන්නා පාසල් ලබන 12 වන දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා.
එමෙන්ම නැවත නොවැම්බර් 18 වනදා පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා ඇමුණුමේ සඳහන් කර තිබෙන අදාළ පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාලවකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.
(colombotimes.lk)