16 June 2026

logo

යෝෂිතගේ පෙත්සම් නියෝගය කල්යයි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබෙනවා.
 
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ද කරුණු ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)