පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළේ අවුරුදු 13ත් 17ත් අතර වයස්වල පසුවන දරුවන් 17.4%ක් කෘත්‍රිම බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බවයි.
සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එළි දැක්වීමට නියමිත බවත් ඇය ප්‍රකාශ කළා.
(colombotimes.lk)
