13 August 2025

logo

2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට



2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ 2024 වසරේ එම කාලයට සාපේක්ෂව මෙම සංචාරක පැමිණීම සැළකිය යුතු වැඩිවීමක් වන බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 286,085ක්.


(colombotimes.lk)