මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මධ්‍යම මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථය ට්‍රේලර් ට්‍රක් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් එක් බාලවයස්කරුවෙකු ඇතුළුව අවම වශයෙන් පිරිමින් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
(colombotimes.lk)