02 January 2026

logo

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 167,000ක් නිෂ්කාශනය කරයි



සහල් ආනයනයට අවසර දුන් කාලය තුළ නිශ්කාශනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අතරට කැකුළු සහල් ටොන් 66,000ක් සහ තැම්බූ සහල් ටොන් 101,000ක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

සහල් ආනයනයට දුන් කාලසීමාව ඊයේ (10) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වුණා.

කෙසේ වෙතත් සහල් මෙට්‍රික් ටොන් 8000ක් රැගත් නෞකා දෙකක් වරාය ආශ්‍රිත මුහුදේ නැංගුරම් යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒවා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රජය තීරණයක් ගත යුතුව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළා.
 
(colombotimes.lk)