01 January 2026

logo

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක්



2025 / 2026 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින්. 

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වන්නේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වන බවයි.

අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කළ බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 
 
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 7%ක වාර්ෂික පොළී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)