01 January 2026

logo

ජාත්‍යන්තර මුහුදේදී යාත්‍රාවකට ඇමරිකාවෙන් ප්‍රහාරයක්



ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යාත්‍රාවකට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
 
කෙසේවෙතත් ප්‍රහාරය සිදු කළ ස්ථානය හෝ මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. 

පසුගිය වසරේ සැප්තැම්බර් සිට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර 30ක් සිදුකර තිබෙනවා. 

(colombotimes.lk)