01 January 2026

logo

දිවයින පුරා විශේෂ මෙහෙයුම් - 15ක් අත්අඩංගුවට



දිවයින පුරා සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 15දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (31) සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී පුද්ගලයන් 30,676දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයන් 460දෙනෙක් සහ වරෙන්තුකරුවන් 191දෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයන් 591දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)