02 September 2025

logo

රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරේ ගැටුමකින් 17ක් රෝහලේ



රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 17 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

සුළු තුවාල ලැබූ සිසුන් ඊයේ (21) උදෑසන මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හසලක පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන් වනවා.
(colombotimes.lk)