බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී. එස්. සේනානායක හන්දිය දක්වා මාර්ගයේ කොළඹට ඇතුළු වීමේ මංතීරුවල අද (01) රාත්‍රී 07.00 සිට රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ එම මංතීරුවල සිදු කරමින් පවතින අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.
එම මංතීරු ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම හේතුවෙන් මෙම ක්‍රියාමර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)