01 September 2025

logo

අනුරපුර නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් DIG රිමාන්ඩ්



ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හෑරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (01) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

එහිදී අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවට තහවුරු වූ බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා එළඹෙන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)