01 September 2025

logo

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්



ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි. 

මෙලෙස හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 20දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
 
එරට බලධාරීන් සඳහන් කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි. 

භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම පළමු භූ කම්පන තත්ත්වයෙන් අනතුරුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)