01 September 2025

logo

ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් දිවි අහිමි වූ පිරිස ඉහළට



ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පනය හටගත් බවයි. 

මෙම භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී තිබෙනවා. 

එමෙන්ම පළමු භූ කම්පන තත්ත්වය සිදුවී පසු කම්පන තත්ත්ව 03ක් සිදුවී ඇති අතර ඒවා පිළිවෙළින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)