දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබෙනවා.
ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර එක්ව මගීන් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී මගීන් 41දෙනෙක් බස් රථය තුළ ගමන් කරමින් සිට තිබෙනවා.
(colombotimes.lk)