01 July 2025

logo

දසුන් IPL තරගාවලියට



ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.

ඒ වසර 2ක IPL තහනමකට ලක්ව සිටින හැරී බෘක් වෙනුවට බවයි වාර්තා වන්නේ.

දසුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවති ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලියේදී ශුරතාව දිනූ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් වනවා.

එහිදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔහුව තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දසුන් ශානක මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් එක්ව සිටිනවා.

(colombotimes.lk)