පොහොසත් රටවල ප්‍රකෝටිපතියන් ඔවුන් ධාවනය කරන වාහනවල Number Plate එකෙන් හඳුනාගනු ලබනවා.
එමනිසා ඒ රටවල Number Plates ලංසු මඟින් ඉතා අධික මිලකට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊයේ (16) දිනයේදී ඩුබායිවල DD 5 යන Number Plate එක වෙන්දේසි කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම Number Plate එක සඳහා ප්‍රකෝටිපතියන් කිහිපදෙනෙක්ම ලංසු තබා තිබෙන බවයි.
ඒ අනුව එහි ඉහළම ලංසුව Binghatti සමාගමේ අයිතිකරු විසින් දිනාගෙන තිබෙනවා.
ඒ ඩුබායි ඩිරාම් මිලියන 35ක වැනි මුදලකටයි.
Binghatti යනු ඩුබායි හී දේපළ වෙළඳාම් ආයතන අතර ඉදිරියෙන්ම සිටින සමාගමක් වන අතර මෙය ඩුබායි ඉතිහාසයේ Number Plate එකකට හිමි වූ අධිකම මිල ලෙස ඉතිහාසගත වී තිබෙනවා.
(colombotimes.lk)