30 May 2026

logo

පුද්ගලයන් 18දෙනෙක් අත්අඩංගුවට



චීන හා ශ්‍රී ලාංකික ගුවන් මගීන් 18දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂ අසූ දහසක විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදීයි. 

ඩුබායි සහ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා කිහිපයක සිටි අදාළ සැකකරුවන් හරිත මාවත ඔස්සේ දුම්වැටි තොගය පිටත් කිරීමට උත්සහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 16දෙනෙක් සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)