30 May 2026

logo

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි



කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (30) විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන්. 

පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද (30) දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදු වූ බවයි. 

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)