30 May 2026

logo

බන්ධනාගාර රැඳවියන් 33කට නිදහස



බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 61 දෙනෙක්ට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක ප්‍රකාශ කළා. 

ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33දෙනෙක් අද (30) නිදහස් කිරීමට නියමිතයි. 

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

(colombotimes.lk)