වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහායි.
වෙසක් උත්සව කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීමත්, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
