colombotimes.lk
සිංහල | English

17 May 2024

ජලාශ 18ක් වාන් මට්ටමට



දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 18ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පවසනවා. 

ඒ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්. 
 
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළා. 
 
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)