17 September 2025

logo

කිලිනොච්චියේ වෙළෙන්දන් 18ක් අත්අඩංගුවට



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් කිලිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලින් වෙළෙන්ඳන් 18ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සහ පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම යන චෝදනා යටතේයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 368,000 මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් සඳහන් කළේ.
 
(colombotimes.lk)