16 September 2025

logo

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කළ 06ක් නාවික හමුදා භාරයට



මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇති බවට සැක කරන පුද්ගලයන් 06දෙනෙක් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 13වනදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් ඔවුන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ඔවුන් වයස අවුරුදු 8 - 56 අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වූ බවයි. 

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)