16 September 2025

logo

කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට



කළුතර බන්ධනාගාරයේ බෝ ගසට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී රැඳවියෙක් මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා. 

මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි සම්පත් මෙන්ඩිස් නමැති රැඳවියෙක් බවයි වාර්තා වන්නේ. 

මියගොස් ඇති රැඳවියා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාරගතව සිටියදී පසුගිය ජූලි 21වනදා මෙලෙස බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝ ගසට නැඟ ඉන් බිමට පැන තිබෙනවා.
 
ඒ අනුව ඔහුව ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර සුවවීමෙන් පසු නැවත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ රෝගී තත්ත්වය නැවත උත්සන්නවීමෙන් යළිත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (15) රාත්‍රියේදී මියගොස් තිබෙනවා.


(colombotimes.lk)