26 May 2026

logo

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට විශේෂ දින 2ක්



එළඹෙන හජ්ජි උත්සවය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් වෙනුවෙන් සිය ඥාතීන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාවක් සලසාදී තිබෙනවා. 

ඒ අනුව එළැඹෙන 28වනදා සහ 30වනදා යන දෙදින තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනවල මෙම විශේෂ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. 

මෙම දිනවලදී රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අවසර හිමිවන අතර එම ද්‍රව්‍ය එක් රැඳවියෙක්ට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට පියවර ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
 
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ සියලුම බන්ධනාගාර තුළ මෙම කටයුතු සිදුවන්නේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව බවයි. 

(colombotimes.lk)