03 July 2025

logo

ගුවන් අනතුරකින් පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට



සුඩානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඊයේ (25) අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

සුඩානයේ උතුරු ඔම්ඩුර්මාන්හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකට මෙම ගුවන්යානය කඩා වැටී තිබෙනවා.

එරට හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බවයි.

(colombotimes.lk)