13 June 2025


ඉවතලන කඩදාසිවලින් නිර්මාණය කළ පොත් 2,000ක් බෙදා දෙයි



ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Fonterra Brands Lanka පසුගියදා පොත් දන්සැලක් සංවිධානය කර තිබුණා. 

මෙහි විශේෂත්වය වන්නේ නොමිලේ බෙදා දුන් අභ්‍යාස පොත්, ඇන්කර් කිරි නිෂ්පාදනාගාරවලින් ඉවත් කරන කඩදාසි එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරමින් නිර්මාණය කර තිබීමයි.

ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසිවලින් නිර්මාණය කළ එම පොත්, ඇන්කර් කිරි ගොවි පවුල්වල දරුවන් සඳහා බෙදාදීම සිදු කෙරුණා.

මෙලෙස බෙදාදුන් පොත් ප්‍රමාණය 2,000ක්.

බඹරබැද්ද, සඳගිරි ලෙන් පුරාන විහාර පරිශ්‍රයේදී මෙම පොත් දන්සැල සංවිධානය කර තිබුණා. 

රටටම කිරි ගුණය බෙදන ඇන්කර්, ගුණ පරපුරක් හදන ජාතික මෙහෙවර යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

මේ පිළිබඳව Fonterra ආයතනය නිර්මාණය කළ විශේෂ වීඩියෝව පහතින් නරඹන්න.


(colombotimes.lk)