බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස හරවා යවා ඇති බවයි.
බෝම්බ බියක් ඇති බවට යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ලබාදී තිබෙනවා.
මගීන් 156දෙනෙක් රැගත් ගුවන්යානය එරට වේලාවෙන් පෙරවරු 9.15ට ගුවන් ගතවී ඇති අතර පෙරවරු 11.38ට එය ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.