06 July 2025

logo

යාපනය මහනගර සභාවේ බලය තමිල් අරසු පක්ෂයට



ඉලංකෙයි තමිල් අරසු පක්ෂය යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් සඳහන් කළේ  තමිල් අරසු පක්ෂයේ විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ බවයි.

නගරාධිපති ධූරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19ක් ලැබී තිබෙනවා. 

ඒ සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)