ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර තිබෙනවා.
එරට තානාපති කාර්යාලය සඳහන් කළේ පවතින තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබාදෙන බවත්, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙසයි.
එම තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලුදෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙස උපදෙස් ලැබී ඇති බවත් හදිසි අවස්ථාවකදී ගිලන්රථ සේවා ක්‍රියාත්මක අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවද තානාපතිවරයා සඳහන් කළා.
සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසත් ඖෂධ භාවිතා කරන පිරිස් නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)