ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ බව මාධ්‍ය කිහිපයක් තහවුරු කර ඇති බවයි.
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ද මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර ඇති අතර මිය ගිය පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් කිහිපදෙනෙක් ද සිටින බවයි.
මේ අතර ඉරානයේ ටෙහෙරානයේ අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු සිය ගුවන් කලාප වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඉරානය ද ටෙහෙරාන්හී පිහිටි සිය ගුවන්තොටුපළ වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය විසින් සිදු කරනු ලබන න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)