නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන බවයි.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමි වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.