23 January 2026

logo

බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙක්ගේ දිවි බේරෙයි



අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් කළ ගුවන් යානයක් අද (12) අහමදාබාද් ගුවන් තොටුපළට ආසන්නයේදී කඩා වැටී බිහිසුණු අනතුරක් සිදු වුණා. 

අනතුරට පත් ගුවන්යානයේ මගීන් 242දෙනෙක් සිට තිබෙනවා.  

මෙම ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් අයෙක් දිවි ගලවා ගත් බව පොලීසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

ඒ එම ගුවන් යානයේ 11 A ආසනයේ ගමන්ගත් මගියෙක් බවයි වාර්තා වන්නේ.  

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙක් දිවි බේරාගෙන නොමැති බව මීට පෙර අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. 
 
(colombotimes.lk)