22 November 2024


මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 2017ක් ධාවනයට



මහ මැතිවරණය සඳහා අද (13) සහ හෙට (14) මැතිවරණ රාජකාරි කටයුතු වෙනුවෙන් ලංගම හා පෞද්ගලික බස් රථ 2017ක් යෙදවීමට සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට හා මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ 1017ක් යොදවන බවයි.

එමෙන්ම පොලිස් නිලධාරීන් ප්‍රවාහනය වෙනුවෙන් ලංගම බස් රථ 290ක්ද යොදවා තිබෙන බවත් දිවයින පුරා ඇති ලංගම ඩිපෝ 107කින් මෙම බස් රථ යොදවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පෞද්ගලික බස් රථ 700ක් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)