2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර 2026.01.01වනදා ආරම්භ වී 2026.02.13වනදා තෙක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු 2026.02.14 සිට 2026.03.02 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ සඳහන් වනවා.
ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03වනදා සිට 2026.04.10වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පළමු වාරයේ දෙවන අදියරය සඳහා 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් නිවාඩු ලබාදෙන බවයි.
දෙවන පාසල් වාරය 2026.04.20වනදා සිට 2026.07.24වනදා දක්වා පැවැත්වෙනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27වනදා සිට 2026.08.07වනදා දක්වා පැවැත්වෙන බවයි.
එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා 2026.08.08 සිට 2026.09.06වනදා දක්වා නිවාඩු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07වනදා 2026.12.04වනදා දක්වා පවත්වන බවයි.
මුස්ලිම් පාසල් සඳහා නිකුත් කළ පාසල් වාර සටහන පහතින්,
(colombotimes.lk)