13 September 2025

logo

නේපාල අගමැතිනියට ජනපතිගෙන් සුබ පැතුම්



නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස සුෂිලා කාර්කි ඊයේ (12) දිවුරුම් දී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බවයි. 

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා. 

ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්. 

ජනාධිපතිවරයාගේ X සටහනේ සඳහන් වන්නේ ඇයගේ නායකත්වයෙන් නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවේ යැයි  තමන් විශ්වාස කරන බවයි. 

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ X පණිවිඩය පහතින්,



(colombotimes.lk)