නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත් කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)