ජපානයේ ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික සුළං තත්ත්වය හේතුවෙන් එරට වරායක ගොඩගසා තිබූ බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ටෝකියෝහී ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය සේවයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයන් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි.
ඉදිරි දින කිහිපයේදී ටෝකියෝවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාව පවතින බවද එරට කාළගුණ අංශ සදහන් කළා.
(colombotimes.lk)